මාළු පාන් ගෙඩියෙන් ලයිටරයක කොටස් මතුවේ
පානදුර ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් වාර්ථාවේ.
පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා යන අය අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ආහාරය සදහා මාළු පාන් ගෙඩි දෙකක් මිළදීගෙන ඇති අතර , බාල පුත්‍රයා මාළුපාන් ගෙඩියේ කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයක ලෝහමය කොටස් මතුවී තිබේ.
මංජුල පෙරේරා මහතා ඒ මොහොතේම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාව දැනුවත් කර ඇති අතර, ඔහු දැනුම් දී ඇත්තේ තමන් නිවාඩු බවත් , පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත්ය.
ඒ අනුව දැරියගේ පියා පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් ඇති අතර ,පැමිණිල්ල භාර නොගෙන ඔහුව ආපසු හරවා යැවූ බව මංජුල මහතා පැවසීය .
මේ සම්බන්ධයෙන් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඊෂා මහින්දදාස මහත්මිය පළමුව සදහන් කලේ තමන්ට සිදුවීම වාර්තාවී නොමැති බවයි. එහෙත් ඇය පසුව සදහන් කලේ මාළු පාන් ගෙඩියක් රැගෙන පුද්ගලයෙකු පැමිණ යලි පිටව ගොස් ඇති බවත් ඔහු ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කල හොත් ක්‍රියාමාර්ගයක් ගතහැකි බවයි.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

