ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික වතුයායක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවෙක් එම ඔයේ ගිලි (13) දින අතුරුදහන් වී ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ, සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
අතුරුදහන් වූ සිසුවා (13) දින තවත් සිසුන් 09 දෙනෙකු සමග පාසල නිමි වි ආග්‍රාඔයේ මාළු ටැංකියට දැමීම සදහා ගල් එකතු කිරිමට ගොස් දිය නාමින් සිටියදී එක් වරම සිසුවා දියේ ගිලි අතුරුදහන් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුදහන් වූ සිසුවා සොයා ලිදුල පොලිසියේ නිළධාරින් සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කලද, එය ව්‍යර්ථ වූ නිසා අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ සහය ඉල්ලා ඇති බවයි ලිදුල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
