මාස 143ට ළාමාරක්ෂක අධිකාරියට පැමිණිලි 170663
පසුගිය වසර එකොළහකුත් මාස හතරක කාලය තුලදි (2014 වර්ෂයේ සිට 2025 අප්‍රේල් මස 30) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්දයෙන් පැමිණිලි 107,663ක් ලැබි තිබු අතර ඉන් පැමිණිලි 46,813ක් එනම් සියයට 43ක් තවදුරටත් විමර්ශනය කරමින් පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඒ අනුව ළමා අපචාරවලට ගොදුරුවුවන්, ආරක්ෂාකිරිම සහ රැකවරණය සලසා සියලු ආකාර ළමා අපචාරවලට අදාළ නිති ක්‍රියාත්මක කිරිම නියාමනය, සියලු විමර්ශන නඩු කටයුතුවල ප්‍රගතිය, ප්‍රමාණවත් පරිදි ඉටුකිරිමට නොහැකිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරිමේ ක්‍රම වේදයක්, හදුන්වා දි ලිඛිත උපදේශයක් නිකුත් කිරිමට ප්‍රධාන ගණන්දිමේ නිලධාරි කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
දත්ත පද්ධතිය යාවත්කාලින කර වසා දැමිමට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැතිවිම සහ එදිනෙදා රාජකාරි කටයුතු කිරිමට සිදුවිමෙන් පැමිණිලි වැසිමේ කාර්යයේ ප්‍රගතිය අඩුමට්ටමක පවතින බව ළමාරක්ෂක අධිකාරිය විසින් විගණනයට සදහන්කොට ඇත.
අධිකාරියට වාර්තාවන සියලු පැමිණිලි සදහා අවශ්‍ය මැදිහත්කරණය එම පැමිණිලි ලද අවස්ථාවේම අධිකාරිය විසින් සිදුකොට ඇති බවද විගණනයට සදහන්කොට ඇත.
u
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

