මාස 08කට ආසන්න කාලය තුළදී 62,314ක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(12දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.