මෙම වසරේ මාස 08ක කාලය තුළ වෛද්‍යවරුන් 500කට ආසන්න ප්‍රමාණයක් රට හැරගොස් ඇති බවට තොරතුරු වාර්ථා වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර යාම සිදු වන බවත්, මෙම තත්ත්වය වර්ධනය වන්නේ නම් සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම පාහේ බිඳ වැටීමට හේතු වනු ඇති බව අද (29දා) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර කිසිදු දැනුම්දීමකින් තොරව විදේශගත වන සහ ඉල්ලා අස්වීමෙන් පසු විදේශගත වන වෛද්‍යවරුන් සිටින බවත්, එලෙස නිසි අවසරයකින් තොරව විදේශගත වන වෛද්‍යවරුන් සේවය අත්හැර යෑමේ නිවේදනය නිකුත් කර අසාදුලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.