2022 සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75%කින්, එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, ඇඟලුම් හා රෙදිපිළි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාමයි.
එසේම, වසරේ මුල් මාස 9 තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක (මිලියන 9,996.19) ඉපැයීමක් වාර්තා කර ඇත.
2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම එක්සත් ඩොලර් මිලියන 1,455.75ක් වූ අතර, එය 2021 අනුරූප කාල සීමාවට වඩා 3.8%ක ඉහළ යාමකි.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.