මාව පැන්නුවානම් මම යනවා - හර්ෂ ගෙන් සංවේදී කථාවක්
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරයෙන් තමන්ව ඉවත් කිරීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව තුළ සංවේදී කථාවක් කළේය.
"ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් තමන්ගේ බලය භාවිත කරලා මයන්ත දිසානායක මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස විපක්ෂයෙන් පත්කරගැනීමට කටයුතු කළා. පත්වෙන කෙනා ගැන ප්රශ්නයක් නෑ. නමුත් මෙතන රජය තමන්ගේ බලය අවභාවිත කිරීමක් තිබෙනවා.
මට ප්රශ්නයක් නෑ. මාව පැන්නුවා නම් මම යනවා. රට දැන ගන්න අපි සද්භාවයෙන් මේ වැඩේ කළේ. අපිට මේකෙන් සල්ලි හම්බෙන්නවත්, ඔෆිස් හම්බවෙන්නෙවත් නෑ. මේක රටටහොඳ නම් හොඳයි. මට පුද්ගලිකව කිසිම ප්රශ්නයක් නෑ. කැබිිනට් ඇමතිකම් දෙන්නම් කිව්වට ගන්න ගියේ නෑ.
ආණ්ඩුවට මේක නම් ඕන, ආණ්ඩුවට අපේ යම්කිසි හෝ රට බේර ගන්න වැඩේට අපේ දායකත්වය එපා නම් කෙලින්ම ඇවිත් කියන්න. මේ වැඩේ කළේ කිසි දෙයක් බලාගෙන නෙමයි.
රට වෙනුවෙන් කරන වැඩකටවත් ඔබලාගේ ආණ්ඩුව වලේ වැටිලා ඉන්න වෙලාවක අපේ සහයෝගය එපා කියන ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ. "
popular news
-
Hector Perera Thursday, 23 February 2023 06:49 PM
You were talking too much and supplying information to Sirasa. If you are sincere about building the country, you should have with the other colleagues in the SJB joined Ranil when he became the President. Now you are second to JVP and putting the country in danger. First try to solve peoples day to day problems and think about elections or other things. I can imagine how politicians think under those circumstances. Once the major problems were solved, winner takes all!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

