මාවුස්සාකැලේ ජලාශ දූපතක් හා යාබද ඉඩමක් හෝටලයක් ඉදිකිරීමට දෙයි
සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.
ඒ අනුව කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය විසින් පූර්ණ ඍජු විදේශ ආයෝජනයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 25ක් මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට නියමිත අතර අදාල ඉඩම් කොටස ලබා ගැනීම සඳහා වූ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම භූමි ප්‍රදේශය ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින අතර ව්‍යාපෘතිය සඳහා විදෙස් සමාගම වෙත ඉඩම් කොටස් ලබා දීම සඳහා වූ යෝජනාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
popular news
-
Kumar Tuesday, 27 June 2023 04:11 PM
saama awasthawkama lankawe deshpaluwo balanney thamanta labena dhanaya gana pamanayi. wandanaakaruwan damana apadrawayata amathararawa hotal sankeernaye pitwena apadrawya eh kiyanney asooch, muthra saha anek apadrawya jalashayata atha harinawaadha? awasanyedi ema drawya panayakaranney kolomba nagaraye sitina ayaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

