මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා දඩුවම් ලබාදෙන්න- බුදුගල ජනවංශ හිමි
මාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත.
පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කර ඇත. ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.
සමස්තයක් ලෙස ගත් කල්හි රටක් ලෙස සමගියෙන් සහජීවනයෙන් ජීවත්විය යුතු මොහොතක මෑතකාලීනව සිදු වූ විවිධ කළහකාරී සිද්ධීන් හමුවේ විවිධ ජනකොටස් අතර ඇති වී ඇති නොසන්සුන්තාවයන් ද සැලකිල්ලට ගනිමින් වගකිව යුතු අංශ හා රටේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම ඇති ඔබතුමන් වහා මෙකී ක්‍රියාවලියේ දී වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි තරයේ විශ්වාස කරමු. ඉතා සුළු කණ්ඩායමක් සිදු කරන සිදුවිම්වලින් සමස්ත ජන කොටස් අතරම ජනවාර්ගික හා ආගමික ගැටලු ඇති විමට හේතුවන්නේය.මීට වසර කීපයකට පෙරද මෙවැනි සිදුවිම් මාවනැල්ල ආශ්රිත සිදු වි ඇත. එහි දී බුදු පිළිම පමණක් නොව ජිවිත ද විනාශ විය.
රටේ නීතිය හා සාමය කඩකරන්නවුන්ට වහා දඩුවම් පමුණුවන්නටත් නැවැත එවැනි ක්‍රියා සිදුනොවන්නට වග බලාගන්නටත් කටයුතු කළ යුතුය. මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් ඒ තුළින් සමස්ත සමාජය තුළ කිසියම් ආකාරයකින් ජාතීන් අතර ගැටුමක් දක්වා වර්ධනයවීම වැළැක්වීමටත්, මෙම පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමන් හා ආරක්ෂක අංශ වහා මැදිහත්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.

popular news
-
Kumar Thursday, 27 December 2018 08:10 AM
බුදු දහමට ගරුකරන ඔබවහන්සේලා මෙවැනි අයට අනුකම්පාවක් නැද්ද?
Reply : 0 0
rocky Thursday, 27 December 2018 01:46 PM
සියල්ලටම පළමුවෙන් මේ ක්‍රියාවලිය ගැන සියුම් පරීක්ෂණයක් කල යුතුයි. මේ අවස්ථාවේදී ජනවාර්ගික ගැටුමක් ඇති කරන්නට වුවමනා වී ඇත්තේ කාටද? දැනට පවතින ආණ්ඩුවෙන් හෝ එහි අනුගාමිකයන්ගෙන් මෙවැනි අවදානම් වැඩ බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොන ජාතියෙන් හෝ ආණ්ඩුව පෙරලලා බලය අල්ලාගන නඩු ටික යට ගසා ගන්න ඕන අය මේවගේ ජිල්මාට් වලට පෙළඹෙනවා. මේවා පිටිපස්සෙන් ඉන්නේ පොහොට්ටුවන් බවයි අපි නම් සැක කරන්නේ! හොඳට හිතලා බලන්න. සාමාන්‍ය ජනතාව කවදාවත් මේ වගේ ජඩ වැඩ කරන්නේ නැහැ. මේවා කුලියට කෙරෙන වැඩ විය යුතුයි. සිංහලයන් වත් අනෙත් වත් නිකරුනේ කලබල වෙන්න උවමනා නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
