කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා 12/20 දින උදෑසන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන් ස්වල්ප වේලාවකට පසු කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් යානයේ නියමුවන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානය 12/20 දින උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව ගොස් තිබුණි .
එහෙත් මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 10 කට පසුව ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා ගුවන් යානයේ නියමුවන් විසින් කටුනායක ගුවන් ගමන් පාළකවරුන්ගේ අවසරය මත යළිත් 12/20 දින උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.
මෙම ගුවන් යානය එයාර් බස් ඒ.- 330 වර්ගයට අයත් ගුවන් යානයක් වූ අතර එහි ගුවන් මගීන් 201 දෙනෙකු ගමන් ගනිමින් සිටියහ .
මෙම ගුවන් යානය සිය අලුත්වැඩියා කටයුතු වෙන රටකට ගොස් සිදු කර ගැනීමට යාමේදී විශාල මුදල් සම්භාරයක් වැය වන නිසා මෙම ගුවන් යානය ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත හරවා රැගෙන ඒමට ගුවන් නියමුවන් පියවර ගෙන තිබුණි .
මේ වනවිට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ අලුත්වැඩියා කරමින් පවතී .
මෙම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් අතර සිටි ඉතා කඩිනමින් මාළදිවයින වෙත යාමට අවශ්‍යතා තිබූ මගීන් කටුනායක සිට මාළදිවයින බලා පිටත්ව යන වෙනත් ගුවන් සේවා යානා වලින් එරටට යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර 1/20 දින රාත්‍රී 06.30 කටුනායක ගුවන් තොටුපොළෙන් සාමාන්‍ය ගුවන් ගමන් කාළසටහනට අනුව පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් ඉතිරි මගීන් පිරිස ද පිටත් කිරීමට පියවර ගත් බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .