මාලු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාලු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
මාලු මිලදී ගැනීම පිණිද කේතයක් හඳුන්වාදීම ගම්පහ ධීවර සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ කරමින් මේ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, බැංකු 28 ක සම්බන්ධීකරණය යටතේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය යටතේ ජංගම දුරකථන භාවිතා කරමින් බැංකු ගිණුම් මගින් මුදල් ගෙවීමට හැකි ක්‍රමය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවට සහනයක් ලබා දෙන බවද කීය.
කේතය හඳුන්වාදීමේ අවස්ථාවට ලංකා ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් , එහි සාමාන්‍යාධිකාරී රුවින්ද ගුණරත්න , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.යසන්ත, මොබිටෙල් ආයතනයේ සාමාන්‍යාධිකාරී රත්මල් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.