හෙරොයින් මත්කුඩු විශාල ප්‍රමාණයක් සමග ධීවරයින් පිරිසක් භාරයට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා අද පස්වරුවේ පැවසීය.
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය IMUL 1610 අංක දරණ කින්ග් ෆිසර් බහුදින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භරයට ගෙන ඇති බව සදහන් වේ.
නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත රැගෙන විත් තිබුණි.
අද පස්වරුව වන විටත් බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති ධීවර යාත්‍රාව විශේෂ ආරක්ෂාවක් යොදා පරීක්ෂා කරමින් සිටී අතර, එහි තිබ් හෙරොයින් මත්කුඩු කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සදහන් වේ.
එම බහුදින යාත්‍රාවේ සීටී ස්කීපර් ඇතුළු ධීවරයින් පස් දෙනෙකුගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බව බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිළධාරියෙක් පැවසීය.
මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් වැඩිදුර මාධ්‍යට තොරතුරු ලබදිය නොහැකි බවත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදා ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.
සුමිත් පොතුපිටිය