මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හා පුතා හෙරොයින් සමඟ අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ විදුහල්පතිවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු එප්පාවලදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අද (05) එප්පාවල - ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ එප්පාවල කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ඇතුළු තවත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.එම මන්ත්‍රීවරිය වත්මන් ආණ්ඩුවේ ප්‍රභල කාන්තා දේශපාලඥයකු සමඟ සම්බන්ධතා ඇති අයකු බවත්, ඒ හේතුවෙන් දීර්ඝ කාළයක් එප්පාවල පදිංචිව සිටි ඇයට පෑලියගොඩ වූ තම උපන් ගමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇති බවද අනාවරණය විය.
අදාළ මන්ත්රීවරයිද වැටලීම සිදු කළ අවස්ථාවේ අදාළ හෝටලය පිහිටි ඉඩමේ නිවසේ රැදී සිට ඇති අතර, ඇය අනුරාධපුර මූලස්ථාන පොලීසියට රැගෙන ගියද ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති අතර, ඇයගෙන් ප්‍රශ්න කර ඇය මුදා හැර ඇතැයි වාර්ථා වේ.ඇයගේ පෑලියගොඩ පිහිටි නිවසද පෑළියගොඩ පොලීසිය විසින් පරික්ෂාවට ලක් කර ඇත.
අදාළ මත්ද්‍රව්‍යය වැටලීම පිළිබඳව මාධ්‍යයට නිසි ලෙස තොරතුරුද පොලීසිය මඟින් ලබා නොදී තිබූ අතර, වෙනත් අවස්ථා වලදී මත්ද්‍රව්‍ය සුලු ප්‍රමාණයන් පවා අත්අඩංගුවට ගත් පසු අදාළ මත්ද්‍රව්‍යය වල රූප රාමු මාධ්‍යයට ලබා දුන්නද මෙවර ඒ අවස්ථාව මාධ්‍යයට අහිමි කරමින් අදාළ අත්අඩංගුවට ගැනීමේ විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලබා ගන්නා ලෙසද ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

