2026 වසර සඳහා වන අය – වැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2026 අය – වැයෙහි පළමු වර කියවීම හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිදු කරනු ලැබීය.
අය – වැය කතාව හෙවත් අය – වැය (දෙවැනි වර කියවීම) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.