ගාල්ල දිස්ත්රික්කයේ වැලිවිටිය,දිවිතුර ප්රා දේශීය සභාවේ පාලන බලය පොදු ජන පෙරමුණ ප්රධාන ඒකාබද්ධ විපක්ෂයට හිමි විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය එහි බහුතර බලය හිමිකරගත් අතර සභිකයන් හත්දෙනෙක් තේරී පත්වූහ.
සමගි ජනබල වේගයෙන් සභිකයන් හතර දෙනෙක්ද පොදුජන පෙරමුණෙන් සභිකයන් දෙදෙනෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් හා සර්ව ජන බලයෙන් එක් සභිකයෙකු බැගින් අට දෙනෙක් තේරී පත්වූහ.
පළාත් පාලන කොමසාරිස් උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මහ සභා රැස්වීමේදී සභාපති තනතුර සඳහා පොදු ජන පෙරමුණෙන් පී.එම්.වසන්ත හා ජාතික ජනබල වේගයෙන් පී.එම්.චමින්ද මහතාගේ නම් දෙපාර්ශ්වය විසින් යෝජනා කෙරිණ.
අනතුරුව පැවැත්වූ රහස් ඡන්දයෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කළ පී.එමි.වසන්ත මහතා එක් ඡන්දයකින් සභාපති තනතුරට පත්වූ අතර උප සභාපති තනතුර සඳහා තුසිත චාමර මහතා ඡන්ද විමසීමකින් තොරව පත් විය.
පිටිගල -ඩී.ජේ. විජේසිංහ