හබරාදුව ප්රාදේශිය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය .පුංචිහේවා මහතා (ජාතික ජන බල වේගය)සබාපති ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
ඒ මහතා ඉල්ලා අස්විමේ ලිපිය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද බාරදි ඇති අතර ඒ මහත්මිය පැවසුවේ ඉල්ලා අස්විමේ ලිපිය පළාත් පාලන කොමසාරිස්වරිය වෙත යවන බවය.
ඒ මහතා පවසා ඇත්තේ පුද්ගලික හේතුන් මත ඉල්ලා අස්වන බවය.ඒ මහතා අවසන්වරට ඊයේ (20) පැවති ප්රාදේශිය සභාවේ මාසික රැස්විමටද සහභාගි විය.
ඒ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ජාතික ජනබල වේගය පක්ෂයෙන් තරග කොට තේරි පත්විය. හර්ෂ පුංචිහේවා මහතා තව දුරටත් ප්රාදේශිය සභාවේ මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන බවද එම ලිපියේ සදහන් වෙයි.
අහංගම සුමතිපාල දීයගහගේ