මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කරනුයේ මියගිය දරුවාගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්රධාන සැකකරුවෙකු බවය.
අද පස්වරු 3.30ත් - 4.00ත් අතර වෙඩිතැබීමක් සිදුව තිබුණි.
වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව තිබූ පුද්ගලයා නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි පුද්ගලයෙකි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී ත්රී රෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් තිබු අතර වෙඩි තැබීමෙන් ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
නමුත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.