පාසැල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය.
මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසැල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය රටේ අනාගතය වන පාසැල් සිසුන් ඉන් බේරා ගැනීම සඳහා වහාම පියවර ගැනීමටද නියම කළාය.
මෝදර මට්ටක්කුලිය මරදාන ආදී ප්‍රදේශ ආශ්‍රීතව මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පැසැල් අවට විකුණීමේ චෝදනවන් මත විත්තිකරුවන් කිහිප දෙනෙකුම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට එලෙස අවවාද කළාය.
පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ විකුණුම්කරුවන් කිහිප දෙනෙකු පමණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නියම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස අවවාද කළාය.
අලෙවි කිරීමට මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්දැයි විමසමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසැල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර වන හෙයින් සැකකරුවන්ගෙන් ඇත්ත හෙළිකරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස වැඩිදුරටත් අවවාද කළාය.