මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ කිලෝග්‍රෑම් 300ක මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාව සහ ධීවරයින් හය දෙනෙකු මාලදිවයින් ආරක්ෂක අංශ විසින් ඊයේ සිය භාරයට ගනු ලැබිණ.