මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු 6/13 දින දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් 6/13 දින දහවල් 11.36 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔවුන් මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව, ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබුණි.
එසේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබුණහොත්, ඔවුන් අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

