මාලදිවයිනේ වීසා නීති දැඩිවෙයි
මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ව්‍යාපාරික වීසාපතක් හෝ විශේෂ වීසාපතක් භාවිතා කරමින් කෙටි කාලයකට මාලදිවයිනට ඇතුළුවන පුද්ගලයින්ට සිය වීසාපත රැකියා වීසාපතක් බවට හරවා සේවය කිරීමට ලබාදී තිබූ අවස්ථාව, මෙම වසරේ සැප්තැම්බර් මස 15 දින සිට අත්හිටුවීමට මාලදිවයින් රජය විසින් තීරණය කර තිබේ.
ව්‍යාපාරික වීසාපත යනු ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් කෙටිකාලයකට මාලදිවයිනට ඇතුළුවීම සඳහා ලබාදුන් අවසර පතකි. නමුත් වීසා ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණෙන් ඇතැම් විදේශික ශ්‍රමිකයින්, ව්‍යාපාරික වීසා පතක් භාවිතා කරමින් මාලදිවයින තුළට ඇතුළු වී පසුව රැකියා වීසාපත් ලබාගෙන සේවය කිරීමේ ප්‍රවණතාවයක් ඇති බව මාලදිවයිනේ ස්වදේශීක ආරක්ෂක, කම්කරු හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව මෙන් ඉදිරියට වෙනත් වීසාපතකින් මාලදිවයිනට ඇතුළු වී රැකියා කිරීම නීතිවිරෝධි වන අතර, ඒ සදහා රැකියා වීසාපතක් ලබාගැනීම අනිවාර්ය බව එරට රජය විසින් දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

