මාර්තු මාසයේ ආරම්භයේ සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 100 කට ආසන්න ප්‍රමාණයක් ගමන් කර ඇති බව බී.බී.සී.පුවත් සේවය පවසයි.
ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයක් වන මෙම හෝමූස් සමුද්‍ර සංධිය හරහා වන නැව් මාර්ගය ඉරානය විසින්
වසා දැමුණ අතර ඇමෙරිකාවට හා ඊශ්‍රා යෙලයට හිතවත් නැව්වලට ඒ හරහා ගමන් කිරීමට ඔවුන් අවසර නොදුන්නේය.
වරින් වර නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වුවත් ඉරානය සමග සෘජු සන්නිවේදනයක් හරහා නැව් කිහිපයක් සමුද්‍ර සන්ධිය
හරහා ධාවනය කරවිමට රටවල් කිහිපයක් සමත්විය.එසේම ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට දෛනික ගමනාගමනය 95% කින් පමණ පහත වැටී ඇත.
යුද්ධයට පෙර, ඒකාබද්ධ සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට අනුව, ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් රැගෙන
නැව් 138 ක් පමණ සෑම දිනකම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළේය. නැව් විශ්ලේෂකයින් වන කේප්ලර් විසින් සපයන
ලද දත්ත වලට අනුව, මේ මාසයේ මේ දක්වා පටු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා 99 ක් ගමන් කර ඇති අතර එය දිනකට
සාමාන්‍යයෙන් යාත්‍රා 5-6 ක් පමණි.