මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටින කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 59 ක හිඟ ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය මාස හයක කාලයක් තුළ එකතුව ඇති මෙම ගෙවීම් ප්‍රමාද වීම හරහා රට පුරා ජාතික මාර්ග කිලෝමීටර් දහස් ගණනක මාර්ග නඩත්තු කටයුතුවලට බාධාවක් වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.
කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්කරුවන් ආකර්ෂණය කර ගැනීම රජයට අපහසු වනු ඇතැයි එම නිලධාරියා පවසා තිබේ.
මෙම මුදල අවම වශයෙන් වාරික වශයෙන් හෝ ගෙවන ලෙස මහා භාණ්ඩාගාරය ඉල්ලීමක් කිරීමටද නියමිතය . එම යෝජනාව නව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මාර්ග ඉදිකිරීම සඳහා රජයට පවරාගෙන ඇති ඉඩම් සඳහා රුපියල් බිලියන 5 කට වැඩි මුදලක් වන්දි ගෙවීමට අවශ්‍ය වන අතර දේශීය බැංකුවලට ණය ගෙවීමට බිලියන 13ක් අවශ්‍යව තිබේ. මේ අනුව සමස්තයක් වශයෙන් මාර්ගවලට අදාළව රජයට ගෙවීමට ඇතුළු හිඟ ගෙවීම් පියවීමට බිලියන 77ක් අවශ්‍ය වෙයි.
කෙසේ වෙතත්මු දල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ එවැනි ගෙවීම් සඳහා මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ ආර්ථිකය ස්ථාවර වුවහොත් අවම වශයෙන් අරමුදල්වලින් කොටසක් හෝ නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශය සූදානම් බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.