මාර්ග කාපට් කිරිම හා කොන්ක්‍රීට් කිරීම වෙනුවෙන් රජය ගෙවිය යුතු මුදල රු. බිලියන 120
මහා මාර්ග කාපට් කිරීම හා අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම සඳහා 2023 වසරේ සිට මේ දක්වා කොන්ත්‍රාත්කරුවන් වෙත ලැබිය යුතු රුපියල් බිලියන 120 ක් රජය මෙතෙක් නොගෙවීම නිසා කොන්ත්‍රත්කරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි .
මහා මාර්ග කාපට් කිරීම හා අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම සඳහා දෙදහකට ආසන්න කොන්ත්‍රත්කරුවන් වෙත මෙම මුදල ලබාදිය යුතු බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ ලේකම් කුගදාස් ප්‍රකාශ් මහතා පැවසීය.
වැඩ අවසන් වූ පසු මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම කොන්ත්‍රාත්කරුවන් බැංකුවලට ණය වී ඇති අතර ඊට අමතරව කම්කරුවන් සඳහා වැටුප් ගෙවීම යන්ත්‍ර සූත්‍ර කූලී ණය පදනම මත ලබා ගැනීම,ණය පදනම මත අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට මේ නිසා ගැටළුවක් වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ ලේකම් කුගදාස් ප්‍රකාශ මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා යැවූ වෙත යැවූ ලිපියක සඳහන් වේ.
ජනාධිපතිවරයා වෙත යවූ ලිපියේ පිටපත් විෂය භාර අමාත්‍යවරයා වෙත සහ මහා භාණ්ඩාගාරය වෙතද යවා ඇති බව ලේකම් කුගදාස් ප්‍රකාශ් මහතා වැඩිදුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

