මාර්ගවල වේග සීමා යෙදීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක කරමින් මෙම වසර තුල දිස්ත්‍රික්කයේම වේග සීමා යෙදීම අවසන් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධනය අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතනයන්හි නිලධාරීන්ට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න දැනුම් දෙනු ලැබීය.
මෝටර් වාහන (වේග සීමා) නියෝග සංශෝධනයට අදාළ නියමු ව්‍යාපෘතිය පිළිබඳ කමිටු සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කළේය.
මෙරට සිදුවන රිය අනතුරු ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බැවින් මෙම තත්ත්වය අවම කර ගැනීම පිනිස සියලුම මාර්ගයන්හි වේග සීමා යෙදීම අත්‍යාවශ්‍ය කරුණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලොව අන් බොහෝ රටවලට සාපේක්ෂව අපේ රටේ මාර්ග පද්ධතියේ ආරක්ෂාවක් නොමැති බවත් අධිවේගයේ ආරක්ෂාවක් පැවතියත් අනෙකුත් මාර්ගයන්හි ඇතුළු වන ස්ථානවල, වාහන නවත්වන ස්ථාන හා වාහන හරවන ස්ථාන සියල්ලේ ආරක්ෂාව ප්‍රමාණවත්නොවන බව පැවසූ ලසන්ත අලගියවන්න මහතා, තාවකාලික විසඳුම් ලබා දීමෙන් මෙම ප්රශ්නය විසඳිය නොහැකි බැවින් ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බව පැවසීය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.සී. නිරෝෂන්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ (සැලසුම්) සමන් විදානපතිරණ යන මහත්වරුන් ඇතුළු පොලිසියේ හා රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
තිලකරත්න දිසානායක
