දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්රා දේශීය සභා ක්රීඩාංගණයේ පැවැති සැණකෙළියක මාරක ළිඳේ පඩිපෙළකින් ඇද වැටී තුවාල ලැබූ ළදරුවෙක් මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (21දා) අලුයම් කාලයේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුුරුදු 1 මාස 11ක් වන කහටගස්දිගිලිය ප්ර දේශයේ පදිංචි බිළිදෙකි. මාරක ළිදේ හිමිකරුගේ ලොරි රථයේ රියදුරාගේ දරුවා මෙලෙස පියගැට පෙළෙන් ඉහළට නගිමින් සිටියදී පඩිපෙළින් ඇඳ වැටී ඇති බවත් දරුවාගේ පියා සංදර්ශනයට පෙර මාරක ළිදෙහි ආරක්ෂක කටයුතු හා සැරසිලි සිදුකිරීම සඳහා පැමිණ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබේ.