ඊයේ දිනයේදී පොලිස් වසම් 4ක් තුළ සිදුවූ මාරක අනතුරු හතරකින් පුද්ගලයන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
මහවෙල පොලිස් වසම - 2025.09.24 වන දින සවස් කාලයේ මහවෙල පොලිස් වසමේ පල්ලේපොල කොහොලන්වල මාර්ගයේ නිලව හන්දියේදී කොහොලන්වල දෙස සිට පල්ලේපොල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 59 ක් වූ පල්ලේපොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නිට්ටඹුව පොලිස් වසම - 2025.09.24 වන දින උදෑසන කාලයේ නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ නාඹුළුව හන්දිය අසලදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 33 ක් වූ මාහේනගම, වරකාපොල ප්රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.
කල්පිටිය පොලිස් වසම - 2025.09.24 වන දින රාත්රී කාලයේ කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ පාලකුඩාව ප්රදේශයේදී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පදික පුද්ගලයා බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී පදික පුද්ගලයා මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 39 ක් වූ පාලකුඩාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ග්රෑන්ඩ්පාස් පොලිස් වසම - 2025.09.24 වන දින රාත්රී කාලයේ ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉගුරුකඩේ හන්දිය ඇප්රොව් මාර්ගයේ ඉඟුරුකඩේ හන්දිය ආසන්නයේදී වරාය දෙස සිට ඉගුරුකඩේ හන්දිය අසලින් ඇප්රොව් මාර්ගයේ ධාවනය කල ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 56 ක් වූ ගොතටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.