අම්බලන්තොට පොලිස් වසමේ මල්පෙත්තාව ප්රදේශයේදී අද දින අළුයම් කාලයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 26 ක් වූ මාමඩල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු සහ මරණකරුගේ බිරිඳගේ පියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිදගේ පියා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෘත ශරීරය අම්බලන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.