කරන්දෙණිය ,අගනකැටිය, පදේශයේදී අද(8) අලුයම් කාලයේදී පොලු පහරදීමෙන් පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි.
මේ පහරදීමෙන් මිය ගොස් ඇත්තේ කරන්දෙණිය අඟනකැටිය පදිංචි හතලිස්පස් හැවිරිදි තුෂාර සම්පත් නමැත්තෙකි.
සැකකරු සහ මියගිය තැන්තා එකම නිවසේ පදිංචිව මාමණ්ඩිය සහ බෑණා බවත් පොලීසිය කියයි.මාමන්ඩිය විසින් එල්ල කරන ලද පොලු පහරින් බෑනා මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි.
සැකකාර මාමණ්ඩිය සිය නිවසේදීම අද(8)උදේ අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.කරන්දෙණිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා