මානසික සෞඛ්‍ය පනත කඩිනමින්
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවේ අග්‍රගණ්‍ය ආයතනය වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට (NIMH) වසර 100 ක් සපිරීම නිමිත්තෙන් වු සැමරුමි උත්සවයක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (03) හීදී පැවැත්විණි.
1926 වසරේ ස්ථාපිත වූ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, වසර 100ක් පුරා ශ්‍රී ලංකාවේ ජනතාවට කැපවී සේවය කරමින්, විශේෂිත වෛද්‍ය සේවාවන්, අධ්‍යාපන හා පුහුණු කටයුතු, පර්යේෂණ සහ ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය තුළ ප්රමුඛ භූමිකාවක් ඉටු කරමින් විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වී ඇත. මෙම ශත වර්ෂ සැමරුම "මනස සංර්වධනය තුලින් – ජීවිත පරිවතනය” යන තේමාව යටතේ පවත්වන ලදි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර සියයක් සපිරීම මෙරට මානසික මානසික වෛද්‍ය විද්‍යාවට වසර සියයක් ගතවීම ද සනිටුහන් කරන බවත්, මෙම වසර 100 ක කාලය තුළ ලබාගත් ජයග්‍රහණ සහ කැපවීම් රැසක් වන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාව මෙරට මානසික සෞඛ්‍ය විද්‍යාවේ මුදුන් මල්කඩ ලෙස හැඳින්විය හැකි බව ද මානසික සෞඛ්‍ය යනු විශාල ක්‍රියාදාමයක් වන බවත් එම ක්‍රියාදාමයට අදාළ සියලුම ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේද ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සතු බවද අවධාරණය කරන ලදී.
මෙරට මානසික සෞඛ්‍ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත්, මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයක් පැරණි බව ද මෙහිදී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මානසික සෞඛ්‍ය පණත කඩිනමින් ගෙන එන බවත්, එය නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයට අද වන විට එළඹ ඇති බව ද පැවසීය.
එය අසීරු කර්තව්‍යයක් වුවද ඒ සඳහා වන කෙටුම්පත් මූලික කටයුතු සඳහා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට යොමූ කර ඇති බව ද, අනතුරුව ජනතා අදහස් ලබා ගැනීම සඳහා යොමු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
නව මානසික සෞඛ්‍ය පනත අනාගතයේ දී මානසික සෞඛ්‍ය සේවාව දියුණු තත්ත්වයට පත්වීම සඳහා හේතු සාධක වනු ඇති බවට විශ්වාසය පළ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මානසික සෞඛ්‍ය යනු නිරතුරුවම පුළුල් වන ප්‍රසාරණය වන මෙන්ම නිරතුරුව නව මංපෙත් සොයා යන ක්ෂේත්රයක් බවත් එම සියලුම අංශයන් ආවරණය කළ හැකි පරිදි ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස කටයුතු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
මෙරට මානසික සෞඛ්‍ය පිළිබඳ හැදෑරීමක් කිරීමට සුදුසු ඒ සඳහාම කැප ඌ ආයතනයක විශාල අඩුවක් පවතින බවත් මානසික සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී විශාල පරතරයක් පවතින බවත් එම පරතරය පියවිය යුතු බවත් නමුත් එම පරතරය පියවීම මෙරට විද්‍යාත්මක නොවන ක්‍රමවේද යටතේ සිදුවන බව ද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එය මහත් අවාසනාවන්ත තත්ත්වයක් බව ද පෙන්වා දෙන ලදී.
මෙරට විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ කටයුත්තේදී මනෝ වෛද්‍ය විශේෂඥ සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයින්ගේ අදහස් ඊට අනුගත කරගෙන තිබෙන බවද පෙන්වා දෙන ලද අතර, මනෝ වෛද්‍ය ක්ෂේත්රය කටයුතු කරන විට සියලු දේ විද්‍යාත්මකව සිදුවිය යුතු බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මෙහිදී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100 ක් සපිරීම වෙනුවෙන් මුල් දින කවරය නිකුත් කිරීම ද සිදුවිය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන්, මානසික සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල ඇතූළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

