මානසික අබාධිත 13 හැවිරිදි මුණුපුරා 81 හැවිරිදි තම මිත්තණියට තියුණු ආයුධයකින් පහර දිමක් කර ඝාතනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුණුපුරා හෙම්මාතගම පොලිසිය විසින් 12 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයට අයත් තල්ගස්පිටිය ප්‍රදේශයෙන් මෙම ආවාසනාවන්ත ඛේදවාචකය අසන්නට ලැබුණු අතර ඒ වන විට එම නිවසේ සිට ඇත්තේ ඝාතනය සිදු කර බව කියන මුණුපුරා සහ ඔහුගේ මිත්තණිය පමණි.
ඝාතනයට ලක් වු කාන්තාවගේ පුතණුවන්ගේ පළමු කසාදයේ දරුවෙක් වන මෙම සැකකරු එදින පාසල් නිවාඩු නිසා නිවසේ සිට ඇත.
මිය ගිය කාන්තාවගේ දියණිය සහ ඇයගේ පුතණුවන්ගේ දෙවැනි කසාදයේ බිරිඳගේ කුඩා දරුවාට ඇති වු හදිසි අසනීප තත්වයක් නිසා දිප්පිටිය නගරයට බෙහෙත් ගැනීමට ඔවුන් පිටව ගොස් තිබුණු අතර කාන්තාවන් දෙදෙනාගේම ස්වාමි පුරුෂයන් පෞද්ගලික රැකියාවන් වලට ගොස් තිබුණි.
උදෑසන ආහාර නොගත් සැකකරුට මිත්තණිය විසින් අවස්ථා කිහිපයකදි උදෑසන ආහාර ගන්නා ලෙස ඉල්ලීම් කර ඇති අතර ඊට කෝප වු සැකකරු නිවසේ තිබු තියුණු ආයුධයකින් පහර දීමක් සිදු කර මෙම ඝාතනය සිදු කර තිබුණේ මිත්තණිය නිවසේ නිදා සිටි කාමරයේය.
මියගිය මිත්තණිය නිදන ඇදට ඉදිරිපිට මිය ගොස් වැටි තිබුණි හිස ප්‍රදේශයේ ලේ පැල්ලම් කිහිපයක්ද දැක ගත හැකි වු අතර ඇය වැටි සිටි ස්ථානයේද ලේ පැලලම් තිබුණි.
මෙම ඝාතනය සිදු කරන ලද බව කියන සැකකරු මොළයේ වර්ධනය ගැටලූවක් මුල් කර ගනිමින් මෑතක් වන තෙක් බෙහෙත් ලබා ගෙන ඇති අතර අවස්ථා කිහිපයකදි රෝහල් ගත කර සිට ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි. නමුත් අදාල සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල අධ්‍යාපනය ලබන අතර ඔහු නිවසේ දි කෝප වි බඩු පොළවේ ගසා දැමිම් පවා සිදු කර ඇති අයෙක් බවද කියයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාංශ අපරාධ විමර්ශන ඒකකය ඇතුලූ පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මේ වන විට පරික්ෂණ සිදු කරමින් පවති.
සමන් විජය බණ්ඩාර