ඇමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ආයතන තුනකට ධවල මන්දිරයට ප්‍රවේශ වීම් තහනම් කරමින් නිකුත් කළ නීයෝගය වහාම දින 14කට අත්හිටුවමට ඇමෙරිකා අධිකරණයක් නියෝග කර තිබේ.
කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයක අදාළ මාධ්‍ය ආයතන තුන ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කළේය. ඒ් අනුව CNN, MS NOW සහ Politico යන ආයතනවලට දින 14ක් සඳහා ප්‍රවේශය නැවත ලබා දිය යුතු බව අධිකරණය නියෝග කළේය.
තීන්දුව පිළිබඳව ධවල මන්දිරය තවමත් අදහස් දක්වා නොමැති අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.