මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට සිනෝෆාම් දෙයි
සමස්ත මහජනතාවට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම කඩිනම් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ (14) දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී පැවති ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනේ දී මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමිනි.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30-60ත් අතර සියළුම ජනමාධ්‍යවේදීන් කලාකරුවන්ට කොවිඩ් සඳහා වන සිනොෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන අද දින පෙරවරුවේ සිට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සියළු සෞඛ්‍ය නීති රීති වලට අනුගතව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මීට අතිරේකව විශේෂිත කණ්ඩායම් වශයෙන් හඳුනාගෙන ඇති, ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා දෙන පිටකොටුව තොග වෙළෙඳපොල, එම සැපයුම්කරුවන් හා අනෙකුත් සේවකයන් ද, සතොස වැනි අත්‍යවශ්‍ය සේවා වල නියැලෙන සියළුම දෙනාට ද ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බවයි.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා





popular news
-
Demuni Uduwara Friday, 14 May 2021 09:59 PM
Let health personnel to do their job. Don't politicize the jab.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

