'"මාධ්‍ය කියන්නෙ අද අත්‍යවශ්‍ය, හැමෝටම නැතිවම බැරි දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අන්‍යෝන්‍ය සබැදියාවක් තියෙනවා.මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත් නැහැ,,දේශපාලනයෙන් තොර මාධ්‍යයකුත් නැහැ.මාධ්‍යයි දේශපාලනයයි එකිනෙකට පෝෂණය කරනවා"යැයි විදේශ කටයුතු හා සංචාරක පුවර්ධන ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. "ගම්පහ මාධ්‍ය සංවිධානය"පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් හෙතෙම එසේ පැවසීය.
සබරගමුව විශ්වවිද්‍යලයයේ කුලපති මහාචාර්ය කුඹුරැගමුවේ වජිර නායක හිමිපාණන්ගේ මූලිකත්වයෙන් විද්‍යලංකාර පිරිවෙන් ශාලාවේදී පසුගියදා (08) මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙහිදී තව දුරටත් කථාකළ ඇමැති විජිත හේරත් මහතා"මාධ්‍ය එක්ක කටයුතු කරනවා කියන එකත් හරියට දැලි පිහියෙන් කිරි කන්නවගේ වැඩක් කිරිකන්නත් ඕනෙ කට කපා ගන්නෙ නැතිව කිරිටික කන්නත් ඕනෙ.ඒ කටයුත්ත පරිස්සමින් කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා.මාධ්‍යවේදීන් වන ඔබටත් , දේශපාලකයන් වන අපටත් තියෙනවා . අවසානයේ මහජනතාවට නිවැරදි තොරතුරැ සන්නිවේදනය විියයුතුයි.ජනතාව බලාපොරොත්තු වන්නේ අසත්‍ය බොරැ පුචාර නොවෙයි.ඒනිසා පුමිතිය, ගුණාත්මක භාවය , ගරැත්වය ,සදාචාර සම්පන්න බව ආරක්ෂා කෙරෙන අයුරින් පුවෘත්ති ඉදිරිපත් කළයුතුය".
"මාධ්‍යවේදීන් වෙනුවෙන් කම්කරැ නීති පොතට ඇතුලත් වියයුතු දේවල් ඇතුළත් කිරීම අදාළ ඇමැති වරයා මාර්ගයෙන් සිදුකර මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුතම් සැලසීමට වත්මන් රජය පියවර ගන්නවා.ගම්පහ දිස්තිුක්කයේ පුාදේශීය මාධ්‍යවේදීනට පමණක් නොව මුළු රටේම පුාදේශිය මාධ්‍යවේදීන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න රජයක්වශයෙන් අපි බැදිළ ඉනිනවා" යැයිද ඇමැතිවරයා පැවසීය.