අතරමග නතර වී තිබෙන මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ජපන් ආධාර යටතේ නැවත ක්‍රියාත්මක කර එමගින් යල මහ දෙකන්නයේ හතලිස් දාහකට ආසන්න බිම් ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ශ්‍රි ලංකා-ජපාන තානාපති, මිසොකොශි හිඩෙයාකි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 18 වෙනිදා මාදුරුඔය ජලාශය සහ ඒ අවට සංචාරයක නිරත වූහ.
මහවැලි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරාධනයකට අනුව පැමිණි ශ්‍රි ලංකා ජපාන තානාපති මිසොකොශි හිඩෙයාකි මහතා අතරමඟ නතර වී තිබෙන එන්.ඩී.කේ ජලාශය නිරීක්ෂණය කිරීමටද සහභාගී වූ අතර එහිදී මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මහවැලි අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා විසින් පැහැදිලි කළේය.
පැවති ත්‍රස්තවාදී කලබල සහ මුදල් ප්‍රතිපාදන නොමැති කමෙන් මාදුරුඔය ජලාශයේ දකුණු ඉවුරේ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇණ හිටි තිබූ අතර එම සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්නේ නම් යල, මහ, දෙකන්නයේ අක්කර හතළිස් දහසකට ආසන්න වූ බිම් ප්‍රමාණයක් සංවර්ධන කිරීමේ හැකියාවද පවතී.
ජපානය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 සංවත්සරයට සමගාමීව මෙහිදී ජපාන තානාපති මිසොකොශි
හිඩෙයාකි, මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්තුරු විසින් මාදුරුඔය ජලාශය අසල මී ගස් කීපයක් රෝපණය කිරීමටද කටයුතු කළේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහවැලි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ
ජපන් ජාතිකයන් සංචාරකයන් ලෙස සීගිරියට, දඹුල්ලට, මහනුවරට පැමිණියද, පොලොන්නරුව දිස්ත්‍රික්කය වැඩි අවධානයක් යොමු නොවීම නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයද ජපන් සංචාරකයන්ගේ සංචාරක දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට ජපාන ශ්‍රී ලංකා තානාපතිවරයා පොරොන්දු ලබාදුන් බවයි.
ජාතික මුදල් වලින් කරන ලද වැඩ කටයුතු සම්පූර්ණම ඇනහිට තිබෙන නිසා, ජල අර්බුදයෙන් පීඩාවිඳින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මාදුරුඔය දකුණුු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කඩිනම් අවධානය ඒ මහතා විසින් යොමුකර බවද රොෂාන් රණසිංහ තහතා සඳහන් කළේය.
එමෙන්ම පැවැති කොරෝනා වසංගතය පැවැති මොහොතේ සහ, ආර්ථික පීඩනය පවතින මොහොතක ජපන් ජාතිකයන් ශ්‍රී ලංකා වෙනුවෙන් ලබාදෙන සහයෝගයට තමා, රජය හා ජනතාව වෙනුවෙන් ස්තූතිවන්ත වන බවද රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න

