මාතලේ මහ නගර සභා අයවැය සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි මාතලේ මහ නගර සභාවේ 2026 අය වැය ලේඛනය ඊයේ (11 දා) වැඩි ඡන්ද හතරකින් සභා සම්මත විය. මාතලේ මහ නගරාධිපති(ජා.ජ.බ) අජිත් කොට්ටහච්චි මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය. අය වැය ලේඛනයට පක්ෂව ඡන්ද 12ක්ද විපක්ෂව ඡන්ද 08ක්ද ලැබුණූ අතර එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටියේය.
එහිදි අය වැය ලේඛනයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් දස දෙනා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ උප නගරාධිපතිවරයා සහ මන්ත්‍රිවරිය විසින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අය වැය ලේඛනයට විරුද්ධව සමගි ජනබලවේගය,සර්ව ජන බලය,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයා ඡන්දය දිිමෙන් වැලකි සිටියහ. එක්සත් ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයා සභාවට නොපැමිණ සිටියහ.
මාතලේ මහ නගර සභාවේ මන්ත්‍රිධුර 21ක් ඇති අතර ජාතික ජන බලවේගයට මන්ත්‍රිධුර 10ක්ද සමගි ජන බලවේගයට මන්ත්‍රිධුර 06ක්ද ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රිධුර දෙකක්ද එක්සත් ජාතික පක්ෂය,සර්වජන බලය,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික සන්ධානය යන පක්ෂවලට එක් මන්ත්‍රිධුරය බැගින් හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

