මාතලේ දිස්ත්‍රික්කය පුරා ජංගම රථ මගින් සිදුකරනු ලබන අබලි ද්‍රව්‍ය එකතු කරනු ලබන පිරිස් විවිධ වංචාවන් රැසක් සිදුකරන බවට ප්‍රදේශ රැසක පිරිස් චෝදනා කරති.
ව්‍යාජ බර පෙන්නුම් කරන තරාදි යොදා භාණ්ඩ කිරිම,ඇතැම් අබලි ද්‍රව්‍ය සොරකම් කිරිම් ආදි කටයුතු රැසක් අබලි ද්‍රව්‍ය එකතු කරන්නන් විසින් සිදුකරනු ලබති.
යකඩ කොටස්,ප්ලාස්ටික් ද්‍රව්‍ය,බෝතල් පත්තර මෙන්ම නිවාස වලින් ඉවත දමන විවිධ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව එක්රැස් කිරිම ජංගම රථ යොදා ගනිමින් විවිධ භාහිර පුද්ගලයින් විසින් සිදුකරනු ලබති.
මාතලේ දිස්ත්‍රික්කය පුරා පිහිටි ගම්මාන වල ගමන් කරමින් සිදුකරනු ලබන මෙම කටයුුතු වල දි නිසි බර නොපෙන්වා භාණ්ඩ කිරිම,නිවැසියන්ගේ ඇස් වසා විවිධ වටනා යකඩ කොටස් වැනි ද්‍රව්‍ය සොරකම් කිරිම් ආදි කටයුතු රැසක් වාර්තා වන බව සිද්ධින්ට මුහුණදුන් පිරිස් කියා සිටිති.
මාතලේ දිස්ත්‍රික්කයට පිටින් පැමිණෙන අබලි ද්‍රව්‍ය එකතු කරන්නන් අතර ඇතැම් පිරිසක් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව ද ගම්මාන වල පිරිස් කියා සිටිති.
ශාන් හුලංනුගේ