මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්රදේශවාසීන් පවසති.
තද කොල පැහැති මුහුදු ජලයට බැසීමට බොහෝ දෙනෙකු යම් බියක් දක්වති.
මේ පිළිබඳව නාරා ආයතනයේ ප්රකාශකයෙකු ගෙන් විමසූ විට කියා සිටියේ අදාල ජලයේ සාම්පල් ලබා ගෙන පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.
එය ස්වභාවික ඇල්ගී තත්වයක් විය හැකි බවට සැක කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
ක්රිෂාන් ජීවක ජයරුක්

