මාතර බන්ධනාගාරය තවදුරටත් රැදවියන්ගේ පාලනයට යටත්ව තිබෙන බව වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට ගෙන්වා ගෙන තිබේ.
මේ වන විට බන්ධනාගාරයේ ඖෂධ හා ජංගම දුරකතන රැඳවියන් විසින් සිය භාරයට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට ගත් උත්සාහයත් සමගින් බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන් තත්වය ඊයේ ඇතිවිය.
බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉවතට ගෙන වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර තිබේ.
මේ අතර තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් රැඳවියන්ට බාරවීමට අවස්ථාවක් මේ වන විට ආරක්ෂක අංශ විසින් උදාකර දී තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්

