මාතර බන්ධනාගාරයේ සිටින රැදවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට උත්සාහ කිරීමත් සමග ඊයේ (07) රාත්රි කාලයේ මාතර බන්ධනාගාරය තුල ඇති වු නොසන්සුන්කාරී තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව එහි ප්රකාශකයෙකු පැවසීය.
එම අවස්ථාවේ දී ඇතිවු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබුණි.
ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මට්ටමින් පරික්ෂණයක් පැවැත්වීම සඳහා කොලඹ බන්ධනාගාර මූලස්ථානයේ සිට උසස් නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ තිබුණේය.
මාතර බන්ධනාගාරය තුල මීට දින කිහිපයකට පෙර ද ගැටුමක් ඇතිව තිබු අතර එහිදී තුවාල ලැබු රැදවියන් දෙදෙනෙකු ප්රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.
එම බණ්ධනාගාරය තුල එකිනෙකාට විරුද්ධවාදී කණ්ඩායම් කිහිපයක් සෑදි තිබෙන අතර එම නිසාවෙන් විටින් විට ගැටුම් ඇති වන බව කියති. මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ක්රිෂාන් ජීවක ජයරුක්