මාගේ මාතෘ භූමියේ එකබිම් අගලක්වත් ත්රස්තවාදයට ගොදුරුවන්නට ඉඩ තබන්නේ නැහැ
මාතෘ භූමියේ එක බිම් අගලක්වත්, කවර අන්දමේ හෝ ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට යළි ඉඩ නොතබන බවත්, එවැනි අභියෝගයකට විරුද්ධව මිලියන 21ක ජනතාව පෙළ ගැස්සවීමට තමන් සූදානම් බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.
ඒ, පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති උතුරු පළාත් රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මෙහිදී අදහස් පල කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා පැවසුවේ, රටට එරෙහිව පැමිණෙන අභියෝග ජය ගැනීමට නම්, සියලූ දෙනා කිසිදු භේදයකින් තොරව එක්විය යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා,
"අද පලාලියට පමණක් නොවෙයි, මාගේ මුළු මාතෘ භූමියටම, ඔබ මා ඉපදි දවසක මියයන මේ පුණ්‍ය භූමියටත්, ඒ පුණ්‍ය භූමිය තමන්ගේ මව්බිම හැටියට සලකන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ වැදි යන සියලූ ජනකොටස් වලටම අභිමානවත් දවසක් යැයි මා සහිනුටහන් කළ යුතුමය.
යුද ජයග්‍රහණයක් හැටියට මං මේක සලකන්නේ නැත. මට සමාවෙන්න. මන්දයත් මෙය සිවිල් යුද්ධයක්. අප තරග කළේ, අපි අවිආයුධ ගත්තේ, අපි යුද්ධ කළේ අපේම සහෝදර කැලක් සමගය. ඔවුන් දැරූ මතවාදයන්ට විරුද්ධ නිසාත්, ඇතැම් වෙලාවක ඔවුන් අපෙන් යුද්ධයක් ඉල්ලපු නිසාත් අපට අකැමැත්තෙන් වුවත් හමුදාපතිතුමනි ඔවුන් එක්ක සටන් කරන්න සිදුවුණ බව තමයි ඇත්ත. එම නිසි මෙම සිවිල් යුද්ධයේ ජයග්‍රහණය තිබෙන්නේ එක තැනක, එනම් යුද නිමාවීම තමයි අපේ ජයග්‍රහණය.
පසුගිය 21 වැනිදා, අපේ‍්‍රල් මස 21 වැනිදා මගේ මාතෘ භූමිය නැවත වරක් අභියෝගයට ලක් කර ඇත. ඒ අභියෝගය අපි මෙතෙක් නොදුටු, පෘථුල, ගැඹුරු, විස්තිර නොවුණු අභියෝගයක් බව අපි දැන් දන්නවා. එය ජාත්‍යන්තර අභියෝගයක්. එය මූලධර්මවාදී අභියෝගයක්. එය ආගමික පදනමකින් පැන නැගෙන අභියෝගයක්.
ඒ නිසා මේ මොහොතේ මිලියන 21ක ආත්මයත්, ඔවුන්ගේ දෑතේ ශක්තියත්, ඔවුන්ගේ බුද්ධි වර්ධනයත් එක්කර අපි ඒ ත්රස්තවාදීන්ට කිවයුතු එක පණිවුඩයක් ඇත.
මාගේ මව්බිමේ එකඅගලක් හෝ එකදු ස්ථානයක්හෝ ත්රස්තවාදයට යට කරන්නට අපි සූදානම් නැති බව. එයට එරෙහිව අවශ්‍ය නම් මිලියන 21කම ජනතාව පෙළ ගැසෙන්නට කැමති බව. ලැහැස්ති බව. ඒ ත්රස්තවාදීන් සහ ඔවුන්ට අනුබල දෙන ආයතන, පුද්ගලයන්,දේශපාලනඥයින්ට මා ආණ්ඩුකාරවරයා හැටියට කියන්නට කැමතියි. ඒ අභියෝගය අපි භාර ගන්න කැමතියි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
shan Tuesday, 21 May 2019 11:43 AM
කතාවනම හොදා, හැබැයි උතුරේ සිංහල ජනතාවට ජීවත් වෙන්න තියන අයිතිය හා පන්සල් විහාර ගොඩනගන්න තියන අයිතිය නවත්වන්න කරන ක්‍රියාවන් ඔබට ඉක්මනින් නවත්වන්න වේවි රට ඒකීය හා සියලු ජාතීන්ට අයිති බවත් රටේ ඕනෙම තැනක සියලු දෙනාට ජීවත් වීමේ අයිතිය තිබෙන බවත් ඔබතුමා හොදින් අවබෝද කරග ඉදිරි වැඩ කටයුතු කරන ලෙස දන්වා සිටිනවා එසේ නොකර පසුව අපට අවලාද නොකියන ලෙසද දන්වා සිටිනවා
Reply : 0 33
කෝලිත Tuesday, 21 May 2019 11:52 AM
කතක තියාගනින් මහත්තයෝ ලන්කාවෙ සිවිල් යුද්ධයක් තිබුනෙ නැහැ....තිබුනෙ ත්‍රස්ථවාදීන් එක්ක සටනක්....
Reply : 0 18
Champa Tuesday, 21 May 2019 05:27 PM
කොහොමද කතාව? මුස්ලිම් දේශපාලකයෝ කියනව ත්රස්තවාදීන් එවුන්ගේ ලමයිලු. දෙමල ආණ්ඩුකාරය කියනව ත්රස්තවාදීන් එගොලන්න්ගේ සහෝදරවරුලු. ලේ පිපාසිත ත්රස්තවාදීන්ට නෑකම් නැහැ. කරපු එක ම්ලේච්ච ඝාතනයක්වත් සාධාරණීය කරන්න බැහැ. අපූරු සහෝදරයෝ. එතකොට මරපු මිනිස්සු කවුද? ඕපපාතිකයෝද? දස දහස් ගණන් හමුදා සෙබළු මැරුව. රට බේරා ගන්න ගිහින් දස දහස් ගණන් හමුදා සෙබළු ආබාධිත වුනා. රටෙන් කැල්ලක් ගන්න ගන්න අනුන්ගේ සහෝදරයෝ අමු අමුවේ ඝාතනය කරපු ත්රස්තවාදීන් කවදාවත් මේ රටේ මිනිස්සු නෙමෙයි. තමන්ගේ ඉපදුන රටට වෛර කරපු ත්රස්තවාදීන්ට කිසි දවසක සමාවක් දෙන්න හොඳ නැහැ. අනික මේ රටේ සිවිල් යුද්ධයක් තිබ්බේ නැහැ. මේ රටේ තිබ්බේ ත්රස්තවාදයක්. දෙමල දේශපාලකයෝ හැමදාම කතා කලේ ත්රස්තවාදීන් වෙනුවෙන්. කිසි දවසක ත්රස්තවාදීන් මරපු මිනිස්සු ගැන කතා කලේ නැහැ. මේ වගේ ත්‍රස්ත හිතවාදීන්ට තනතුරු දීල මහජන මුදලින් නඩත්තු කරන සිංහල දේශපාලකයන්ට තමයි මඩු වලිගෙන් ගහන්න ඕනේ. මෙතන තියන පැහැදිලිම දේ තමයි සුළු ජාතීන් දෙගොල්ලම ශ්‍රී ලංකාවට එරෙහිව ත්රස්තවාදයක් ක්‍රියාත්මක කළා කියන එක. මේක සුළු පටු කාරණයක් නෙමෙයි. සිංහල ජාතියේ අනාගතය ඉතාම අනාරක්ෂිතය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

