පන්නල පොලිස් වසමට අයත් තඹකන්ද ප්‍රදේශයේ මාඔයේ මහා පරිමාණ ලෙස පවත්වාගෙන ගිය වැලි හා මැටි කැණීමේ ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමත් වී ඇත.
වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජවාරම හේතුවෙන් ප්‍රදේශයේ අක්කර පනහකට ආසන්න භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර මාඔයේ ඉවුරු වලට දැඩි ලෙස හානි සිදු වී තිබේ . වැටලීම සිදුකරන අවස්ථාවේ ජාවරම්කරුවන් ට්‍රැක්ටර් යන්ත්‍ර දෙකකට මැටි පුරවමින් තිබු අතර එහදී සැකකරුවන් තිදෙනෙකු සහ ඒ සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍ර දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී .
අත්අඩංගුවට පත් සැකකරුවන් සහ බැකෝ යන්ත්‍ර හා ට්‍රැක්ටර් වැටලීම් කළ නිලධාරින් විසින් පන්නල පොලිසියට බාර දීමට කටයුතු කළේය.