මහ මැතිවරණයෙන් ආසන 113ක් ගන්න වැඩ කරන්න - රනිල්
එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂය සමඟ එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රිධූර 113ක් ලබාගැනීම සඳහා වැඩකළ යුතු බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසුනු ප්‍රථිපලය අනුව මහමැතිවරණයේදී මන්ත්‍රිධුර 105ක් හෝ106 ක් ලබාගැනීමේ හැකියාව දැනට තිබෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මහමැතිවරණයේදී බහුතර මන්ත්‍රීධූර ප්‍රමාණයක් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති,සිවිල් සංවිධාන, තරුණ කොටස්,මධ්‍යම පන්තිය.මහාසංඝරත්නය එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශි කර ගතයුතු බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් සිදුකරගෙන යන බවත්,පාර්ලිමේන්තුවේ කටයුතු සොයාබැලීමේ වගකීම සජිත්ප්‍රේමදාස මහතාට බාරදී තිබෙන බවත් හෙතෙම කීය.
එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක පසුබසින පක්ෂයක් නොවන බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නව මුහුණු කිහිපයක් හඳුන්වාදෙන බව කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජාතික යොවුන් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

popular news
-
Neranjan Wednesday, 11 December 2019 01:33 PM
ඔබගේ අදහස නම් නියමය් හැබැයි 13ක් වත් නොගත්තොත් උතුරේ පක්ෂය විරුද්ධ පක්ෂයට යාවි.
Reply : 0 0
ranjith Tuesday, 17 December 2019 05:04 PM
එජාපෙ නෙති කරලම ගෙදර යන්න හිතාගෙන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

