මහ මැතිවරණයක් තිබුණොත් සජබ හා ජාජබ අතර කරට කර සටනක්
2023 ජනවාරි මාසයේ නවතම ශ්රී ලංකා මත විමසුම් සමීක්ෂණවේ (SLOTS) ඡන්ද මතය විමසීමට අදාළව මහ මැතිවරණයකදී ජා.ජ.බ/ජ.වි.පෙ සහ ස.ජ.බ සඳහා ඡන්දදායකන් තම මනාපය ප්රකාශ කිරීමේ ප්රවණතාවය පිළිවෙළින් 32% සහ 31% බැගින් වෙන බව සෞඛය ප්රතිපත්ති ආයතනය පවසයි.
එම ආයතනය පවසන්නේ දැනට ඔවුන් ආසන්න සම තත්ත්වයකින් ඉදිරියෙන් සිටින බවත් ජා.ජ.බ/ජ.වි.පෙ සඳහා දෙසැම්බර් හා ජනවාරි මාස තුළ දී සිදු වූ නැග්මත් සමඟ මෙම සමාන මට්ටමට ළඟා වී ඇති බවයි.
"මහ මැතිවරණයකදී ඡන්ද්ය ප්රකාශ කිරීමේ ප්රවණතාවය පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමට සමාන වේ යැයි උපකල්පනය කළ හොත් SLOTS ජනවාරි මත විමසීම තුළුන් පෙන්නුම් කරන්නේ වර්තමාන වර්තමාන ප්රවණතාවන්ට අනුව ස.ජ.බ. සහ ජා.ජ.බ/ජ.වි.පෙ බොහෝ පළාත් පාලන ආයතන වල හා කෝට්ඨාසවල බහුතරය ඔවුන් දිනාගු ඇති බවයි. කෙසේ වෙතත් බොහෝ පළාත් පාලන ආයතන සඳහා කිසිදු පක්ෂයක්, පුර්ණ බහුතර බලයක් දිනා ගැනීමට අපොහොසත්වන අතර හවුල් පාලනයකට යොමුවීමට සිදුවෙනු ඇත.
ස.ජ.බ සහ ඉ.ත.අ.ක. උතුරු හා නැගෙනහිර පළාත්වල ජා.ජ.බ/ජ.වි.පෙට වඩා ඉදිරියෙන් සිටියි. නමුත් බොහෝ විට ජා.ජ.බ/ජ.වි.පෙ බස්නාහිර, දකුණ, උතුරු මැද සහ සබරගමුව පළාත්වල ග්රාමීය ප්ර දේශවලදී ස.ජ.බෙට වඩා ඉදිරියෙන් සිටින සිටින අතර එම පළාත්වල නාගරික හා මහ නගර සභා සීමාවන් තුළ සජබ ඉදිරියෙන් සිටියි"


popular news
-
Deepal Nirosh Thursday, 23 February 2023 04:36 PM
ඔය මොන ප්රතිඵලය එන්න ඡන්දයක් තියන්න එපායැ, දැන් පළාත් පාලන මැතිවරණය නැහැ. ඒ මදිවට මහ මැතිවරණයත් නැති කරන්න ද මේ හදන්නෙ. ඡන්දයක් තියනකම් පොඩ්ඩක් මෙයාලට නිශ්ශබ්දව ඉන්න බැරි හැටි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

