එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළිත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
පසුගිය මහ මැතිවරණයේද ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්විය.
අද (27දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා මේ බව සඳහන් කළේය.