විදුලිය නිපදවිම සඳහා ප්රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කලාප වෙත පෙරවරු 8.30 සිට රාත්රී 11.30 තෙක් දිවා කාලයේදී පැය තුනයි විනාඩි විස්සක් හා රාත්රී කාලයේදි පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතය.
මීට අමතරව CC වෙත පැය පෙරවරු 6 සිට පෙරවරු 9.20 දක්වා පැය තුනක්ද, MNOXYZ කලාප පෙරවරු 5 සිට පෙරවරු 8.20 දක්වා පැය තුනක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
රට තුළ පවතින අරාජිකත්වය තවත් දින දෙක තුනක් පැවැතිය හොත් විදුලි කප්පාදුව වැඩිවිය හැකි බවට මහ බැංකු අධිපතිවරයා ඊයේ සඳහන් කල ආකාරයටම පැය තුනයි විනාඩි 20ක කාලයක පවත්වාගෙන ගිය විදුලි කප්පාදුව අද දිනයේදී පැය පහක් දක්වා වැඩිකර තිබේ.