ජනපති රනිල් වික්රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් කියන දේ කියන කරන දේ කියන ගුණය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
“ජනාධිපතිතුමා කොතරම් බුදු බණ අසා තිබුණත්, එතුමාගේ කථාව පුරාවට දහම් කරුණු සඳහන් වුවත්, එතුමා ඇසිය යුතුම බණ පදය මෙතෙක් අසා නොමැති බව තමයි මේ අයවැයෙන් පෙනී යන්නේ.
බුදුරජාණන් වහන්සේ ලෝකාවබෝධ සූත්ර යේ බුදු රාජණන් වහන්සේගේ විශේෂ ලක්ණයක් කියනවා. ඒ තමයි ‘යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදි’ ‘කියන දේ කරන කරන දේ කියන’ ගුණය අවාසනාවකට අපේ මහ බැංකු අධිපතිතුමාටත්, ජනාධිපතිතුමාටත් මේ ගුණය නෑ.
මහ බැංකු අධිපති වැඩ භාර ගනිමින් කිව්වේ තමන්ගේ පූරවගාමීන් මුදල් අච්චු ගැසීම නිසා මේ අර්බුදය නිර්ඹානය වුණා කිව්වා. එහෙම කිව්ව එතුමා තමයි මේ වන විට ඉතිසාහයේ වැඩිම මුදලක් අච්චු ගසපු අධිපති බවට පත්ව තිබෙන්නේ.
එතුමාගේ කාලය තුළ එක දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියෙනවා. ණය ගෙවීමත් නතර වෙලා තියෙන මේ යුගයේ මොකටද රුපියල් අච්චු ගහන්නේ කියන එක ප්රශ්නයක්”