මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
නීත්‍යානුකූලව බලයලත් ආයතනවල පමණක් තම මුදල් තැන්පත් කරන ලෙස මහජනතාවට දැඩිව උපදෙස් දෙන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එවැනි බලයලත් ආයතනයක මුදල් තැන්පත් නොකිරීම හේතුවෙන් තම වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් අහිමි වීමේ අවදානමක් පවතින බවද මහ බැංකුව පවසයි.ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබා ඇති ආයතනවලට මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට අවසර ඇති බව මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.
ලැබී ඇති පැමිණිලි මත පදනම්ව විධිවිධාන උල්ලංඝනය කරමින් මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගොස් තිබේද/පවත්වාගෙන
යන්නේද සහ/හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගෙන තිබේද/භාරගන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා ආයතන
සහ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට විමර්ශන සිදු කරනු ලබන බවද ම හ බැංකුව පවසයි.
විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාර ගන්නා බවට පෙනී යන ආයතන සහ පුද්ගලයින් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත
වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

