2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහතික මිල වී අලෙවි මණ්ඩලය විසින් අද ප්රකාශයට පත් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මෙම මිල ගණන් ප්රකාශයට පත් කළේය. මෙවර වි මිලදි ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බවද ඔහු පැවැසීය.
වී මිලදි ගැනීමේ මිල ගණන් පහත පරිදි වෙයි....
කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140
සම්බා වී කිලෝවක මිල රුපියල් 130
නාඩු වී කිලෝවක මිල රුපියල් 120