2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩ පිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දීම ඊයේ (15දා) සිදු කෙරිණි.
මේ යටතේ යුරියා පොහොර හෙට්රික් ටොන් 200ක් ඊයේ දීනය තුළ යාපනයට යැවීමට පියවර ගත් අතර ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී එම කටයුතු ආරම්භ වුයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
එහිදී යාපනයේ ගොවි ජනතාවට යුරියා පොහොර බෙදාහැරීම සංකේතවත් කරමින් අදාල යුරියා පොහොර තොගය අමාත්‍යවරයා විසින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතාට බාරදුන්නේය.
ලංකා පොහොර සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම කටයුතු සංවිධානය කර තිබිනි.
ලබන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු වගා කන්නය ආරම්භ වීමට ප්‍රථම සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබිනි. ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000 බෙදා දෙන විට යාපනයේ වී අස්වනු නෙළමින් තිබිනි.
එමනිසා එම ගොවි ජනතාවට යුරියා පොහොර යල කන්නයේ දී ලබා නොදුන් අතර යාපනයේ ජනතාවට කෘතගුණ දැක්වීමක් වශයෙන් මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම ඔවුන්ට යුරියා පොහොර ලබා දෙන ලෙස අමාත්‍යවරයා තීන්දු කරනු ලැබීය.